Local

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහාය

Thursday, 11 April 2024 - 9:18 am

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ  සහය හිමිවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) පැවසීය.

ජේක් සලිවන් මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමිනි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් තීරණාත්මක මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. කඩිනම් ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය අගය කරන බව සඳහන් කළ සුලිවාන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන මඟින් පෙන්වා දී ඇති රාජ්‍ය මූල්‍ය, මුදල් සහ පාලන යන ක්ෂේත්‍රයන්හී සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයන් හා ඒ පිළිබඳ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කලාපයේ සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙරට අතර පවතින අන්‍යොන්‍ය අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැපවන බව ද සුලිවන් පැවසීය.

මෙම සංවාදය ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන අතර ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ කැපවීම පෙන්නුම් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT