Local

හිටපු ඇමති ප‍්‍රසන්නගේ මාධ්‍ය ඒකකයට සීල් තබයි..

Sunday, 29 September 2024 - 9:17 am

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට මුද්‍රා තැබීමට එහි අතිරේක ලේකම්වරයෙකු විසින් කටයුතු කර තිබේ.

නව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය විජිත හේරත් මහතා එහි වැඩ භාරගැනීමට පෙර අදාළ සීල් තැබීම සිදුව ඇති.

එම ඒකකයේ සේවයේ සිටි සියලු දෙනා ඉන් ඉවත් කර කිසිවකුට ඇතුළුවීමට නොහැකි වන පරිදි ම ඒකකයට මුද්‍රා තබා ඇත.

එහි සේවය කළ ස්ථිර සේවකයන් සියලු දෙනාම කලින් සේවය කරන ලද අංශවලට නැවත යොමුකර කිරීමෙන් අනතුරුව මෙම කටයුත්ත සිදුකර තිබේ.

මුද්‍රා තැබීමට පෙරාතුව එහි තිබූ සියලු භාණ්ඩ විගණනයකට ලක් කිරීමටද කටයුතු කර ඇත.

පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ ප්‍රසන්න රණතුංග මහතායි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT