Local

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමෙරිකාව දෙන සහාය අගයනවා

Wednesday, 31 January 2024 - 3:05 pm

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සහයෝගය දීම වෙනුවෙන් අමෙරිකානු ජනතාව සහ අමෙරිකානු රජය ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම උදෙසා අමෙරිකානු රජය දක්වන සහ‌යෝගය සහ ප්‍රදානයන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය ඉහළ නැංවීමට හේතු වන බවද ඇමැතිවරයා පැවසුවේය. ඔහු මේ අදහස් පළ කළේ අමෙරිකානු තානාපතිනි ජූලී චංග් මහත්මිය සහ සෞඛ්‍ය ඇමැතිවරයාගේ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (30) සිදු වූ අවස්ථාවේදීය.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැලසීම මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා රජය වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය. ඖෂධ හිඟය මඟහැරවීම, ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම, ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ, නව සංවර්ධන කටයුතු මෙන්ම රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහාද රජය පියවර රැසක් ගෙන ඇති බව ඇමැතිවරයා මෙහිදී පැවසීය. සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස්වලට සවන් දුන් අමෙරිකානු තානාපතිනිය, ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා සහාය විය හැකි ආකාරය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඇගයීමට ලක් කළ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට අමෙරිකාව මූල්‍ය, තාක්ෂණික සහ භෞතික වශයෙන් දිය හැකි සියලු උපකාර කිරීමට කටයුතු කරන බවද පැවසුවාය.

මේ අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාද එක්ව සිටියේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT