Local

අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා - අනුර කුමාර

Sunday, 18 August 2024 - 9:37 pm

තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (18) කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති ජන රැළියකදී 'අනුර මේකට උත්තර දියාපියෝ' යනුවෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,

'මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, ආ දියාපියෝ (සිනහවකින්).  අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ.

මං එක උත්තරයක් කියන්නම්.  මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍ර කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා මේ ගණුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහ බැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා. අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා.

ඒ නිසා එයා ඇහුවනේ කරන්නේ මොකක්ද කියලා. කරන ප්‍රධානම වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍රව ගේනවා.  උසාවිය කටඋත්තර ගන්නවා.  ඊළඟට ඔයත් ගේනවා. ඔච්චරයිනේ. මේක වැඩිය කියන් නැතුව කරන්න හිතන් හිටියේ. අහපුවාම නොකියා බැහැනේ'.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT