Local

පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙකු හදිසියේ මිය යයි…

Thursday, 24 October 2024 - 6:42 pm

යාපනය දිස්ත්‍රීක්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ අපෙක්ෂක්යෙකුහට ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ (23) දින මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සෙන්දිවේල් තිමිළණියන් නැමති අපෙක්ෂකයා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් (තැපල් පෙට්ටියෙන්) වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ආසනය වෙනුවෙන් තරඟ වැඳීම සඳහා අපෙක්ෂකත්වය ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත් දින 4 කට පෙර ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය වැල්වැටිතුරෙයි රෝහලට ඇතුලත් කොට පසුව වැඩිදුර පතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට තිබූ අතර පසුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලස මිය ගොස් තිබුණි.

මෙලෙස මිය ගිය අපෙක්ෂකයා මීට පෙර වැල්වැටිතුරෙයි නගරසභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරඟ වැදී නගරික මන්ත්‍රීවරයෙකු වශයෙන්ද තේරීපත් වී දේශපාලනික කටයුතු සිදු කරමින් සිට ඇත.

මිය ගිය අපෙක්ෂකයාගේ සිරුර පේදුරුතුඩ රෝහලේ තැන්පත් කොට පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යොමු කොට ඇති බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT