Local

ත‍්‍රස්ත බියෙන් සංචාරකයෝ ආපසු හැරෙති.. සංචාරක කලාප පාළු වෙති..

Thursday, 24 October 2024 - 6:38 pm

මෙරට සංචාරක කලාප රැසක අද දිනයේ විදේශීය සංචාරකයන්ගේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තාකරුවන් කියා සිටිති.

ආරුගම්බේ සහ වැලිගම වැනි ඊශ්‍රායල ජාතිකයන් වැඩි වශයෙන් රැදී සිටින ප‍්‍රදේශ ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බවට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව ඇතුළු රටවල් රැසක් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම මත මෙම තත්ත්වය උදාවී තිබේ.

ඊශ්‍රායලයද ඊයේ දින නිවේදනය කර තිබුණේ ශ්‍රී ලංකාවේ සිටින සිය රට වැසියන් හැකිතාක් එක් ඒකරාශී වීමෙන් වැළකී සිටින ලෙසත් කොළඹ වැනි ආරක්ෂාව තර කර ඇති ප්‍රදේශවලට හැකි ඉක්මනින් ගමන් කරන ලෙසත්ය.

ඇතැම් සංචාරකයන් සිය ඉදිරි සංචාරක සැලසුම් අවලංගු කර රටින් පිටව යාමට උත්සාහ කරන අතර තවත් පිරිසක් නවාතැන් තුළම රැඳී සිටීමට කටයුතු කරමින් සිටී.

මේ අතර ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ හරහා පිටත්ව ගොස් ඇත.

ඒ සැළසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැදී සිටීම අවදානම් බව ප්‍රකාශ කිරීමත් සමගයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ මේ වන විට රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් සංචාරක කලාපවල ආරක්ෂක මෙහෙයුම් තවදුරටත් දැඩි කර ඇති බවත්ය.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT