Local

රාත‍්‍රි තැපැල් දුම්රිය වැඩිපුර පැය හයක් මග කොටයි.. මගීන් කෝපවේ..

Thursday, 08 August 2024 - 8:22 pm

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා (07) දින රාත්‍රියේ ධාවනය කල රාත්‍රි තැපැල් දුම්රිය පැය හයකට ආසන්න කාලයක් ප්‍රමාද විමෙන් එම දුම්රියේ ගමන් කල මගින් මෙන්ම එම දුම්රියෙන් ගමන් කිරිමට හැටන් සිට බදුල්ල දක්වා පිහිටි දුම්රිය ස්ථාන වල රැදි සිටි මගින් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

රාත්‍රි තැපැල් දුම්රිය (08) දින අලුයම 3 ට පමණ වටවල දුම්රිය ස්ථානය වෙත ළගා වි ඇති අතර, වටවල දුම්රිය ස්ථානයේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා එම දුම්රිය පැමිණිමට පැය හයක කාලයක් ගත විම නිසා මෙම ප්‍රමාදය මතු වි තිබුණි.

එම දුම්රියේ එන්ජිමේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් රාත්‍රි තැපැල් දුම්රියට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට තවත් දුම්රිය එන්ජිමක් රැගෙනවිත් රාත්‍රි තැපැල් දුම්රිය (08) දින උදැසන 9 ට පමණ බදුල්ල දක්වා ගමන් කෙරිණ.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන රාත්‍රි තැපැල් දුම්රිය දිනපතා ප්‍රමාද විමට හේතුව වනුයේ නිසි එන්ජිමක් එම දුම්රියට ලබා නොදිම නිසා බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

රාත්‍රි තැපැල් දුම්රිය සදහා දෙමටගොඩ දුම්රිය අංගණයේ සුදුසු දුම්රිය එන්ජිම් තිබුණද එම එන්ජිම් රාත්‍රි තැපැල් දුම්රියට කිසියම් හේතුවක් නිසා එක් නොකරන බවයි එම නිලධාරියා කියා සිටියේ.

රාත්‍රි තැපැල් දුම්රිය ප්‍රමාද විම හේතුවෙන් තැපැල් බෙදා හැරිමද ප්‍රමාද වි ඇති බවද එම නිලධාරියා පැවසිය.

දෙමටගොඩ දුම්රිය අංගණයේදි අභිරහස් ලෙස මියගිය දුම්රිය ධාවනාගාර තාක්ෂණ ශිල්පි සහයක එච්.එන්.එස්.කුමාර මහතාට ශෝකය පල කරමින් රාත්‍රි තැපැල් දුම්රියේ සුදු කොඩි ප්‍රදර්ශනය කර ඇති අයුරුද දක්නට ලැබුණි.

– රංජිත් රාජපක්ෂ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT