Local

රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම තීන්දුවක් ගනී…

Monday, 19 August 2024 - 6:58 pm

ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී ඇති ගෑස් සිලින්ඩරය දකුණ සම්බන්ධයෙන් එල්ල වන විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම කණ්ඩායමට ලබා දී ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණ යැයි පවසමින් දේශපාලන පක්ෂයක් විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ ප්‍රතිචාරය දැක්විය
‘පළාත් පාලන මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය බොහෝ දෙනෙක් ඉල්ලලා තියෙනවා. වෙන්කරපු සලකුණ තියෙන්නේ දේශපාලන පක්ෂ සඳහා පමණයි. අනෙක් ඒවා ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. එනිසා බොරු දේවල් වලට ප්‍රසිද්ධියක් නොදිය යුතුයි. මේවාට උත්තර දීමත් බොරු වැඩක් මීඩියාවල ප්‍රචාරයන් ගන්න මෙවැනි දේවල් කරනවා.
මාධ්‍ය වලින් ඉල්ලනවා ඒවගේ දේවල් වලට ප්‍රචාරයක් දෙන්න එපා කියලා මැතිවරණ ආවරණයේදී ජනමාධ්‍යටත් මේ කරුණු ගැන දැනුමක් තිබිය යුතුයි. නැත්තන් මෙතැනට ඇවිල්ලා ගොඩක් අය මයික් අල්ලන් වොයිස් කට් දුන්නම හෙන පොරවල් වෙනවා.’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT