Local

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Wednesday, 21 February 2024 - 8:20 am

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.

හිටපු අමාත්‍යවරයාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, කටුගම්පල පිහිටි නිවසට (20) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT