Local

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි අයට අනාගතය භාර ගැනීමට අයිතියක් නැහැ -ජනපති රනිල්

Saturday, 07 September 2024 - 11:30 pm

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතය භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රටේ අනාගතයේ භාරගත හැක්කේ රටේ අනාගතය ගැන කතා කරන අයට පමණක් බවයි.

මෙරට ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් අපනයනය සඳහා යොමු විය යුතු බව අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණත්, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව එළැඹ තිබෙන නිදහස් ‍වෙළෙඳ ගිවිසුම් අවලංගු කරන බව සඳහන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් තොරව අපනයන ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.

ඡන්දදායකයින් ලෙස මේ පිළිබඳ හොඳින් අවධානය යොමුකර සිය තීරණය ගත යුතු බවත්, රටක් ලෙස වෙනස් වීමට සූදානම් නම් අනෙකුත් ක්ෂේත්‍රවල ද වෙනස්කම් ද සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් “බුද්ධිමත් නායකත්වයක් සමඟ බැංකුකරුවෝ” යන තේමාව යටතේ සංවිධානය කළ බැංකුකරුවන් සහ මූල්‍ය කටයුතු පිළිබඳ සමුළුවට එක්වෙමින්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT