Local

දිය වැලකට ගසාගෙන ගිය ළමුන් තිදෙනා බේරාගත් මෙහෙයුම

Monday, 02 September 2024 - 6:45 pm

ගල්කිස්ස වෙරළ තීරයේදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි ළමුන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඊයේ (01) දහවල් ළමුන් තිදෙනා ගල්කිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම ළමුන් තිදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇත.

මෙලෙස අනතුරට ලක්වුණේ 16 හැවිරිදි වියේ පසුවන කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටින ළමුන් තිදෙනෙක්.

ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 57427 නහීම්, පොලිස් කොස්තාපල් 97189 බස්නායක සහ පොලිස් කොස්තාපල් 97401 ධර්මතිලක යන නිලධාරීන් විසින් එම ළමුන් තිදෙනාගේ දිවි බේරාගැනීම සිදුකර තිබෙනවා


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT