Local

මාර්ග සංවර්ධන අධිකාරිය කොන්ත්‍රාත්කරුවන්ට රු. බිලියන 361ක් ගෙවා අවසන් – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

Wednesday, 03 April 2024 - 8:25 am

මාර්ග සංවර්ධන අධිකාරිය කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් බිලියන 361ක් ගෙවා අවසන් කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී (02) පැවසීය. රට තුළ මූල්‍ය විනයක් ස්ථාපිත කිරීම සඳහා ණය බිල්පත්වලට කොන්ත්‍රාත් කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් පනවා ඇති බව සඳහන් කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

කිසියම් කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් රජයේ ආයතනයකට බිල්පතක් ලැබුණු විට මාසයක් තුළ ගෙවිය යුතු බවට ආණ්ඩුව අත්සන් කර තිබෙනවා. එම බිල්පත ගෙවීම මාස තුනකට වඩා ප්‍රමාද නොකළ යුතුයි.

2023 වසරේදී රුපියල් ට්‍රිලියන 3යි ආදායම. පුනරාවර්තන වියදම විතරක් රුපියල් ට්‍රිලියන 4යි. පුනරාවර්තන වියදම දරන්න අමාරුයි. මොන ආණ්ඩු ආවත් මේක තමයි ඇත්ත. අක් මුදල් ලබා දී තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට බැඳුම්කරයක් නිකුත් කර තිබෙනවා 2022 වසරේදී. භාණ්ඩාගාරය මුදල් කෙසේ හෝ සොයලා කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 361ක් ගෙවා තිබෙනවා. තව බිලියන 5 ක් පමණක් ගෙවන්න තිබෙනවා. සියලු හිඟ මුදල් මාර්ග සංවර්ධන අධිකාරියෙන් සොයලා ගෙවා තිබෙනවා. මේ සා විශාල මුදලක් ගෙවන විට සියලු කොන්ත්‍රාත්කරුවන් අමාත්‍යාංශයට කැඳවීමට මම කටයුතු කළා. මේ ගණන් හදලා ගෙවීම් කරන අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරුන් හෝ වෙනත් අය මුණගැහෙන්න එන්න එපා කියලා ඔවුන්ට දැනුම් දුන්නා. කාටවත් ප්‍රමුඛතා අනුපිළිවෙළට ගෙව්වේ නැහැ. හැමෝගෙම ගිණුම් අංක අරගෙන මුදල් බැංකුවලට බැර කළා. 2024 වර්ෂයට මහාමාර්ග ඉදි කිරීමට වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 20යි. පරණ බිල් නොගෙවා පාරවල් හැදුවා නම් කිලෝමීටර් 18,000ක් 20,000ක් හදන්න තිබුණා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන් විශාල ලෙස හිරවෙලා තිබුණා. බැංකුවලට ඔවුන් ණය තිබුණා. යන්ත්‍ර සූත්‍ර ඔවුන්ගේ උකස් වෙලා තිබුණා. ඒවායෙන් ඔවුන් නිදහස් කළා. කොන්ත්‍රාත්කරුවන් අමාරුවේ නොදමන ආකාරයේ ක්‍රමයක් හදා තිබෙනවා. රට ඉදිරියට එන කාලවලදී ආණ්ඩු ක්‍රමයන් ගෙනයාමේ ක්‍රමවේදයක් ස්ථාපිත කර තිබෙනවා. තිබෙන මුදල්වලට පමණක් වැඩ කළ හැකි ක්‍රමයක් නිර්මාණය කර තිබෙනවා. අලි දෙනවා කොටි දෙනවා කීවාට හිතු හිතූ විදියට වැඩ කළ නොහැකියි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT