Local

ලසන්ත, තාජුඩීන් යලි උඩට ගනී.. බැදුම්කර, මිග්, පරීක්‍ෂණ යලි අරඹයි…

Sunday, 06 October 2024 - 9:39 pm

දේශපාලන බලපෑම් මත යට ගැසූ සහ පසෙක තැබූ මහත් ආන්දෝලනයට තුඩුදී තිබූ අපරාධ සිද්ධීන් 07ක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම යට ගැසූ අපරාධ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම විශේෂ සාකච්ඡාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු කීප දෙනෙක්ම සහභාගි වූහ.

යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලැබිණ.

මේ අතර යහපාලන සමයේදීම සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් කර ඊට සම්බන්ධ අපරාධකරුවන් නීතියේ රැහැනට නතුකර ගැනීමට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සිදු වූ මහත් ආන්දෝලනයට තුඩුදුන් ලසන්ත වික්‍රමතුංග මෙන්ම, වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීන් ද එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන්ද නතරවී තිබෙන විමර්ශන නැවත ආරම්භ කිරීමට උපදෙස් ලැබී තිබේ.

දෙමළ තරුණයන් 11 දෙනකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් පසුව ඔවුන් අතුරුදන් කිරීම පිළිබඳව විමර්ශන අවසන් කිරීමට නියෝග ලැබී තිබේ.

බරපතළ මූල්‍ය වංචාවක් ලෙස ප්‍රකට මිග් යානා ගනුදෙනු සිද්ධිය සම්බන්ධයෙන් නතර කර ඇති විමර්ශන නැවත ක්‍රියාත්මක කර සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී ඇත.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT