Local

වතු ජනතාවට මෙම වර්ෂය තුළ නව නිවාස 4,350 ක් ඉදි කිරීමට පියවර

Thursday, 23 January 2025 - 6:03 pm

වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල යටතේ 2025 වර්ෂය තුල නිවාස 4,350 ක් ඉදිකරන බවත්, වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනිම රජයේ අරමුණ බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

මීට පෙර වතු ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර, ඒවා ලබාදී තිබුණේ දේශපාලන හිතවත්කම් මත බවත්, නව රජය යටතේ මෙම නව නිවාස ලැබිය යුතුම වතු ජනතාවට පමණක් ලබා දෙන බවත් අමත්‍යවරයා සඳහන් කළා.

වතු ජනතාව දිළිඳු බවින් මුදවා, නිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණ බවත්, ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන නිවාස දසදහසින් නිවාස 1,300 ක් ඉදිකර අවසන් බවත්, 2025 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 4,350 ක් ද, 2026 වර්ෂය තුළ තවත් 4,350 ක් ද ඉදිකර වතු ජනතාවට එම නිවාස ලබාදෙන බවයි සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT