Local

කුරුණෑගල පාසල් දෙකකට ජල පිරිපහදු මධ්‍යස්ථාන 2ක් හදන්න ලොතරැයි මණ්ඩලයෙන් මුදල්

Saturday, 27 January 2024 - 8:58 am

ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ස්ථාපනය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් නාවික හමුදාව වෙත මූල්‍යමය දායකත්වය ලබා දී තිබේ.

ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ස්ථාපනය කිරීම වෙනුවෙන් වැය වන වියදමට අදාළ ප්‍රේෂණපත පසුගියදා (24) ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන මහතා විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පලුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ සහ වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙලෙස ජාතික ලොතරැයි මණ්ඩලය වෙතින් මූල්‍ය දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

මේ ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම මඟින් එම විද්‍යාල සඳහා අත්‍යවශ්‍යව පැවති පිරිසුදු පානීය ජල අවශ්‍යතාව පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ප්‍රතිආශෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ කටයුතු නාවික හමුදාපතිවරයා‍ගේ සෘජු අධීක්‍ෂණය යටතේ සිදුකෙරෙන අතර, ව්‍යාපෘතිය මාස දෙකක කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT