Local

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

Wednesday, 26 March 2025 - 9:53 pm

දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව අද පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව එම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවකදී සාකච්ඡාවට ගැනීමට නියමිත අතර, එලෙස සාකච්ඡාවට ගත් යෝජනාව දින පහකට පසුව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකරනු ලබන අතර, එහිදී එම යෝජනාව මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගත යුතුව තිබෙනවා.
සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරනු ලබන බවත්, එම විමර්ශන කමිටුවේ තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අත්සන් ලබාගෙන  කථානායකවරයා වෙත ඊයේ (26) භාර දුන් අතර, එහි ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් ගොනුකර තිබුණා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT