Local

වැඩබලන පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක්

Sunday, 31 December 2023 - 8:27 am

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් සහ ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබෙනවා.
රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන දෙපාර්තමේන්තුවක් හැසිරවීමේ වගකීම ලබාදිය යුතු වන්නේ මානුෂිය ගුණාංග වලින් හෙබි අයෙකුට බවත්, ඊට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයෙකුට එහි වගකීම් පැවරීම සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවත් පවසමින් මෙම පෙත්සම් ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්‍යය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙක් සහ අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන්  සිය රාජකාරි පැහැර හැර ඇති බවත්, අරගල සමයේ ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂිකව පහරදෙනු ලැබුවේ ඔහු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු සමයේ බවත් මෙම පෙත්සම් මඟින් පෙන්වා දෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT