Local

ජනපති බුදුරුවගල මහා විද්‍යාලයේ සිසුන්ට දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කෙරේ

Monday, 05 February 2024 - 7:44 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් එම පාසල වෙත ප්‍රදානය කිරීම පෙබරවාරි 09 වෙනිදා එම විදුහලේදී සිදු කෙරේ.

සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදීය.

හදිසියේ තම පාසලට පැමිණි අමුත්තා රටේ ජනාධිපතිවරයා බව හඳුනා ගත් සිසුන් මෙන්ම ගුරුවරුන්ද ඉමහත් ප්‍රීතියට පත් වී තිබේ. ඒ අවස්ථාවේ හෙලිකොප්ටර් යානය අසළට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහදශීලි කතාබහක නිරත වීමටද ඔවුන්ට අවස්ථාව හිමි විය. පාසලේ සහ අවට ප්‍රදේශය තුළ පවතින අඩුපාඩුකම් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ගෙන් විමසා ඇත.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. එම ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මණින් ඒ පිළිබඳව කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට ඒ අවස්ථාවේදීම උපදෙස් දුන්නේය.

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදි සංගීත භාණ්ඩ රැසක් ප්‍රදානය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. ටී ධර්මසිරි , මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. යූ. බී හේරත් යන මහත්වරු , ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT