Local

මාර්ග අනතුරු වළක්වන පුළුල් වැඩපිළිවෙලක්

Thursday, 29 May 2025 - 10:29 pm

මැයි 27 සහ 28 යන දිනවල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනිය වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය ඇතුළු නිලධාරීන් මොණරාගල, අම්පාර, සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රවාහන වෛද්‍ය ආයතනවල නිරීක්ෂණයක නිරත විය.

එහිදී “මාර්ග අනතුරු වළක්වමු” යන මැයෙන් මාර්ග අනතුරු වැළැක්වීමෙහි ලා රියදුරන් සතු වගකීම් සහ ඒ සදහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ඉටුකරනු ලබන කාර්යය භාරය පිළිබඳ දේශනයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනිය වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ විසින් සිදු කරන ලදී. තවද, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දැනුවත් කරන ලදී.

මේ සදහා ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් ප්‍රාදේශිය හා දිසා ලේකම් වරුන්, රියදුරු පාසල් හිමිකරුවන් සහ රියදුරු පුහුණුකරුවන්, ශ්‍රී ලංගම , ප්‍රාදේශීය මගී සේවා නියෝජිතයන් ආදි පිරිසක් සහභාගි විය.

එසේම, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා, සහ ග්‍රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය භාර නියොජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT