Local

ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ දක්ෂයින්ට රුපියල් 50,000 බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

Saturday, 02 December 2023 - 8:50 am

ටවර් හෝල් රඟහල පදනමේ, ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ, දෙවර්ෂ පූර්ණ කාලීන, නාට්‍ය රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ, අධ්‍යයන වර්ෂ 2020/21 හි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී අනුස්මරණ පදක්කම් දිනාගනු ලැබූ ශිෂ්‍යාවන් සඳහා රුපියල් 50,000/- බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (22) සිදු කෙරිණි.
 
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධිය හැදෑරීම සඳහා රු. 50,000/- බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර අනුස්මරණ පදක්කම දිනාගනු ලැබූ සිතුම් විහාරා, නීතිඥ ජෝන් ද සිල්වා අනුස්මරණ පදක්කම හිමිකරගනු ලැබූ ගීතානි භාග්‍යා අමරසිංහ, නීතිඥ චාල්ස් ඩයස් අනුස්මරණ පදක්කම දිනාගනු ලැබූ දුලංජලී පවිත්‍රා ද සිල්වා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ පදක්කම හිමිකරගනු ලැබූ චමෝදි ජයනන්දිමා සචිනි ප්‍රේමරත්න හා 2020/21 අධ්‍යයන වර්ෂයේ දක්ෂතම විද්‍යාර්ථයාට හිමි පදක්කම දිනාගනු ලැබූ නතාෂා ගයත්‍රී යන සිසුවියන් පස්දෙනා වෙත අමාත්‍යවරයා මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කළේ ය.
 
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන), කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
 
මාධ්‍ය අංශය 
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT