Local

පොලිස් කොස්තාපල්වරයෙකුට මරු කැඳවූ අනතුර

Sunday, 11 February 2024 - 12:32 pm

පල්ලම ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (10) උදෑසන කාලයේදී හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිය පැඳවූ පොලිස් කොස්තාපල්වරයා හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ, 2 කණුව, රිදිබැඳිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

අනතුර සම්බන්ධයෙන් පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT