Local

රජයේ ගෙවීම් ඩිජිටල්කරණය අරඹමින් GovPay දියත් කෙරේ

Friday, 07 February 2025 - 9:42 pm

සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය ආරම්භ කරමින් GovPay සේවාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දියත් කරනු ලැබුවා.

මුදල් නෝට්ටු මත පදනම් වූ ගෙවීම් වංචා සහ දූෂණ වැඩිවීමට මෙන්ම මුදල් ගෙවීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂම වීමට හේතු වී ඇති බවද, ඒ වෙනුවට ඩිජිටල් ගෙවීම් භාවිතා කිරීම මගින් මහජනතාවට වඩා පහසු සහ විශ්වාසනීය සේවාවක් සැලසීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

GovPay සේවාව අද සිට අන්තර්ජාල සහ ජංගම දුරකථන බැංකු සේවා හරහා මෙන්ම, හෙළPay සහ iPay වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිත Payment Apps හරහා ද මහජනතාවට විවෘත වෙනවා.

දැන⁣⁣ට රාජ්‍ය ආයතන 16ක් සඳහා මේ හරහා ගෙවීම් සිදුකළ හැකි අතර, අප්‍රේල් මාසය වන විට ආයතන 30ක් ඊට එක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඩිජිටල්කරණය යනු රට අලුත් තලයකට ඔසවා තබන වැදගත් පියවරක් බවයි මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

news images
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT