Local

රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට මෝසමක් ගොනු කෙරේ…

Thursday, 24 October 2024 - 9:13 am

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන රවී සෙනෙවිරත්න මහතා යටතේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයට අදාළ විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි යයි අගතියට පත් පාර්ශව වෙනුවෙන් අධිකරණයට මෝසමක් ගොනු කර ඇත.

ලේකම්වරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විමර්ශණ වාර්තාවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති නිසා මෙම මෝසම ගොනු කර ඇත.

නීතිඥ සජිත ගමගේ මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ මේ් බව දැනුම් දී ඇ.

පාස්කු ප‍්‍රමාරය සම්බන්ධ කොමිෂන් වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන ලෙසත් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් නීතීඥවරය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිදුවීමට අදාළව නිකුත් කර ඇති බී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුට එම ලේඛණ ලැබුණු ආකාරය ගැටළු සහගත බවත් ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවත් කියමින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සදහා අධිකරණයේ මැදිහත් වීමක් සිදු කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළේය.

මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළ නීතිඥවරයා එම ප්‍රහාරයට අදාළ වාර්තා තුන් අධිකරණය හමුවට කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

‘මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ අය මහජන ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහුට මේ සම්බන්ධයෙන් නියෝග දිමේ බලයක් නැති බවත් කියමින් විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකියි’ යයි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

‘මේ නඩුවට අදාළව ප්‍රසිද්ධ මාධ්‍යය මගින් මාධ්‍යවේදියෙක් අදහස් දැක්වූවා. විමර්ශන නිලධාරියා මාරු කරන බව ඔහු මාධ්‍යට කියා දිනකින් එම නිලධාරියා පොලිස් මූලස්ථානයට මාරු කලා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කමිටු වල විනිසුරුවරුන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා. මෙලෙස ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ. දක්ෂ විනිසුරුවන් මේ වාර්තා සකස් කලේ. මේ වාර්තා ගිය ආකාරය සම්බන්ධයෙන් විමර්ශන කරන්න. ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් අධිකරණයට තිබෙනවා’ යයි කී ඒ මහතා අගතියට පත් මිය ගිය වින්දිතයන් වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බව කීවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT