Local

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි නඩුව සඳුදා කැඳවීමට නියෝග

Thursday, 16 November 2023 - 12:33 pm

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සඳුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇති බවයි සඳහන් වන්නේ.

පෙත්සම සලකා බැලීම ලබන සඳුදා (20) තෙක් කල් තැබීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

කෝප් කමිටුව, තරුණ සේවා සභාවේ හිටපු සභාපතිව කැඳවයි. හරීන්ටත් චෝදනා.

wedivistara

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා ඇරඹෙයි

wedivistara

ශ්‍රී ලංකාවේ ප්‍රථම 'ජල බැටරිය' සඳහා වූ ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළිදක්වයි

wedivistara

ජාතික උද්ධමනය සෘ​ණ 4.0% දක්වා පහළට

wedivistara

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට

wedivistara

කොටහේන ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට

Trending
wedivistara

රනිල් යලි එයි. එක සිලින්ඩරයක් ඉල්ලා අස්වෙයි. ඒ අසුනින් යලිත් පාර්ලිමේන්තුවට

wedivistara

ඇල්ල රොක් ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ අධික වියදම නිසා - සංචාරක නියෝජ්‍ය ඇමති

wedivistara

අලුත්කඩේ උසාවිය අවට ආරක්ෂාව දැඩි කෙරේ

wedivistara

අලුත්කඩේ උසාවි භූමිය තුළ වෙඩි තැබීමකින් ගනේමුල්ල සංජීව මරුට

wedivistara

රුපියල් කෝටි 36 ක හෂීස් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT