Local

ජාතික ජන බලවේගයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

Friday, 15 November 2024 - 4:17 pm

නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මුලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ සමානුපාතික ඡන්ද ක්‍රමය මෙරට හඳුන්වා දීමෙන් අනතුරුව එක් දේශපාලන පක්ෂයක් ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාස වන බවය.

ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 159ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත්විය.

ලැබූ ජයග්‍රහණය පිටුපස සිටින සෑම අයෙකුටම සිය පක්ෂය වෙනුවෙන් ස්තූතිය පුදකරන බව ද ඒ මහතා පැවසීය.

'අපිට ලැබුණ ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගනෙ ඉන්නේ. අපි කෙරෙහි ජනතාව ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. අපිට ඒක රකින්න වෙනවා. රටේ ප්‍රබල දේශපාලන පක්ෂ පරාජය කරලා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. පැරණි දේශපාලනය අවසන්. පැරණි යුගය අවසන්. ජනතාව ඒ යුගය නිමා කළා. වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත ඒ දේශපාලනය දැන් ඉවරයි. පොදු ජනයා අපේ භාවිතය තේරුම් අරගෙන ලබාදුන්න ජයග්‍රහණයක් මේක...අභියෝග දිනන්න මිසක් අපි මේ බලය පාවිච්චි කරන්නේ නෑ.'



Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT