Sports

ඔලිම්පික් ගිය වෛද්‍ය හිමාන්

Tuesday, 13 August 2024 - 9:24 pm

ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී ඔලිම්පික් ක්‍රීඩා වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා එක් විය.

මෙවර ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ එකම වෛද්‍යවරයා හිමාන් ද සිල්වා මහතා වන අතර, ඔහු 2016 වසරේ බ්‍රසීලයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සහ 2020 වසරේ ජපානයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ වෛද්‍ය සායනවලටද ඒ මහතා සහභාගිවී ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික් වෛද්‍ය කමිටුවේ සුදුසුකම් ලබා ගැනීම සඳහා පවත්වන ලද අන්තර් ජාතික ක්‍රීඩා වෛද්‍ය පාඨමාලාවලින් සමත් වීමෙන් හිමාන් ද සිල්වා මහතාට ඔලිම්පික් තරගාවලියේ ක්‍රීඩා වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි විය. ඒ මහතා මේ වන විට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව, ක්‍රීඩා භෞත චිකිත්සනය සහ ක්‍රීඩා මනෝ විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සුදුසුකම්ලාභී වෛද්‍යවරයෙකි. එම පශ්චාත් උපාධි සුදුසුකම් මත හිමාන් ද සිල්වා මහතාට ඍජුවම ජාත්‍යන්තර ඔලිම්පික් වෛද්‍ය මණ්ඩලයේ ආරාධනය සහ නිර්දේශ මත ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ පවත්වා ගෙන යන ක්‍රීඩා වෛද්‍ය සායනයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT