Local

සත්‍ය සෙවීමේ කොමිෂන් පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

Monday, 15 January 2024 - 9:16 am

අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපතිනිට කියයි

සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන බවත් ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය Siri Walt මහත්මිය හමුවේ පැවැසුවේය.

අධිකරණ ඇමැතිවරයා සහ ස්විට්සර්ලන්ත තානාපතිනිය අතර හමුවක් පසුගියදා (12) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සාමය හා ප්‍රතිසන්ධානය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, දේශපාලන ස්ථාවරත්වය, සත්‍ය ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිසම ස්ථාපිත කිරීම, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා පනත් කෙටුම්පත සම්මත කිරීම, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවේ පසුවන සිරකරුවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු වූ අතර, ජපන් තානාපති කාර්යාලයේ සහ දකුණු අප්‍රිකානු රජයේ සහයෝගය ඇතිව සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ වන විට එම කොමිසම ස්ථාපිත කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. රටවල් කිහිපයක සත්‍ය හා ප්‍රතිසන්ධානය සඳහා වූ වැඩපිළිවෙළ සහ විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ස්ථාපිත සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවේ ක්‍රමවේදය අනුව මෙරට සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමට කටයුතු කළා. ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරනවා’යැයිද ඇමැතිවරයා තානාපතිනිය හමුවේ පැවසීය.

උතුරු නැඟෙනහිර අර්බුදය ඇති වීමට බලපෑ කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කරමින් අධිකරණ ඇමැතිවරයා විසින් තානාපතිනිය දැනුම්වත් කළ අතර, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් විසින් ශ්‍රී ලංකාව තුළ සාමය සංහිඳියාව විනාශ කරමින් සිදු කළ ක්‍රියාවන් පිළිබඳ මෙන්ම ප්‍රභාකරන් විසින් සියලු ආකාරයෙන් රටට කළ හානිය පිළිබඳව පැහැදිලි කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවේ සිටින සිරකරුවන් පිළිබඳව ද ඇමැතිවරයා තානාපතිනිය දැනුම්වත් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මේ අවස්ථාවට එක් විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT