International

හවුති කැරලිකරුවෝ බ්‍රිතාන්‍ය තෙල් නැවකට පහර දෙති

Monday, 29 January 2024 - 9:59 pm

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයකින් රතු මුහුද හරහා යාත්‍රා කරමින් තිබූ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවක් ගිනි ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉන්දීය සාගරයේ උතුරින් යේමනය සහ නැඟෙනහිරින් අරාබි මුහුද අතර පිහිටි ගැඹුරු ස්ථානය ලෙස සැලකෙන ‘ගල්ෆ් ඔෆ් ඒඩ්න්’හිදී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉරානයේ සහාය ලැබෙන බවට බටහිර රටවල් සැක කරන හවුති කැරලිකරුවන් මේ ප්‍රහාරය එල්ල කළේ

යේමනයේ පිහිටි සිය කඳවුරු වෙත අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාරයක් වශයෙන් බවද වාර්තා වේ. ‘මර්ලින් ලුවන්ඩා‘ නමින් හඳුන්වනු ලැබූ ඒ තෙල් නැවට එල්ල වූ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයට සහ එහි මිත්‍ර රටවලට නිසි ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ලැබුණු බව පසුව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ පිහිටි එම නැව් සමාගමේ ප්‍රධාන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය, ජපාන, අමෙරිකා සහ ප්‍රංශ නාවික හමුදාවල සහායෙන් ගින්න මැඬ පැවැත්වීමට හැකි වූ බවයි. ඉන්දීය ජාතිකයන් 22 දෙනකු සහ බංග්ලාදේශ ජාතිකයකුගෙන් සමන්විත එහි කාර්ය මණඩලයද නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වූ බවත් ඒ සමාගම සඳහන් කර තිබේ. පසුව ඒ නෞකාව ආරක්ෂිතව ආසන්නතම වරාය දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT