Local

සජිත් දිනන්නේ වැඩි ඡන්ද ලක්‍ෂ දෙකකින්…

Monday, 02 September 2024 - 7:10 pm

2024 ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩි ජන්ද ලක්ෂ දෙකකින් දිනවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ ජාතික කම්කරු පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති රැස්විම අමතමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩි ජන්ද ලක්ෂයකින් සජිත් ප්‍රේමදාස මහතා දිනවිමට කටයුතු කල බවයි.
මෙවර නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩි ජන්ද ලක්ෂ දෙකකින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිමට කටයුතු කරන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ රටේ ජනාධිපති බවට පත් වි ඇති බවත්, (22) දින සැබැහින්ම ජනාධිපති වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
විපක්ෂ නායක වශයෙන් කටයුතු කරමින් රටේ පාසල් ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කල සජිත් ප්‍රේමදාස මහතා රටේ දුෂණයෙන් තොර සංවර්ධන රටක් කරා රැගෙන යන බවට තමන් සහ ජනතාව තුල දැඩි විශ්වාසයක් පවතින බවද පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් පැවසිය.
මෙම රැස්විමට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම එම්.උදයකුමාර් මහතාද සහභාගි විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT