Local

අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට අධි චෝදනා

Thursday, 10 October 2024 - 9:18 pm

ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදී තිබෙනවා.

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන අවස්ථාවක මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු කළ බවටයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත් නියෝග කළා.

මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කර ඇති බව සඳහන්.

එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබුවා.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සහ චමින්ද අතුකෝරාල ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධි චෝදනා පත්‍රයේ නීත්‍යානුකූල භාවය සහ චෝදනාවල නීති විරෝධී භාවය පිළිබඳව මූලික විරෝධතා මතුකිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

එමෙන්ම විත්තිකරුවන් විමර්ශන කටයුතුවලට සහාය වී ඇති නිසාත් ඔවුන් අධිකරණය හමුවට පැමිණ සිටින නිසාත් ඔවුන් සුදුසු ඇපයක් මත මුදාහරිණ ලෙසත් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරණීය සඳහන් කළේ ඇප සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුවන් ආරම්භයේ පටන් විමර්ශන කටයුතු වලට බාධා කර ඇති බවට කරුණු අනාවරණය නොවන නිසාත් ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කොට නඩු විභාගයක් පැවැත්විය යුතු බවට කරුණු අනාවරණය නොවන නිසාත් ඔවුන් සුදුසු ඇපයක් මත මුදා හැරීමට තීරණය කරන බවයි.

ඉන් අනතුරුව මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නඩුව දෙසැම්බර් මස 06 වනදා කැඳවන ලෙසද නියෝග කෙරුණා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT