Local

“සුවසාර කැඳැල්ල” පුනරුත්තාපන වැඩසටහන ශ්‍රී ලංකා පොලිසිය මගින් සාර්ථකව සිදුකරයි

Thursday, 20 June 2024 - 9:11 pm

“සුවසාර කැඳැල්ල” පුනරුත්තාපන වැඩසටහන හරහා ගල්කිස්ස, නුගේගොඩ සහ කැළණිය යන කොට්ඨාස තුනෙන් පමණක් මේ වන විට එක්දහස් පන්සීයකට ආසන්න තරුණ පිරිසක් මත්ද්‍රව්‍ය වලින් ගලවා ගැනීමට සමත්ව ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

ඊළඟ අදියරේදී බස්නාහිර පළාතේ කලුතර, පානදුර, ගම්පහ සහ මීගමුවේත් සමස්ත ශ්‍රී ලංකාවේත් මධ්‍යස්ථාන 285ක් විවෘත කර එමගින්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දොළොස් දහස් පන්සියයක් පමණ තරුණ ජීවිත මුදවා ගැනීමට කටයුතු කරන බවත් මෙය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ විශාලතම මත්ද්‍රව්‍ය පුනරුත්තාපන වැඩසටහන බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේය.

ඔහු මෙම අදහස් පළකලේ ඊයේ(19) කැළණිය මානෙල් වත්ත බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, “සුවසාර කැදැල්ල” වැඩසටහන හරහා බස්නාහිර උතුර ප්‍රදේශය ආවරණය වන පරිදි පුනරුත්තාපනය ලැබූවන් විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ “ දින 14ක පුනරුත්තාපන ක්‍රියාවලියෙන් අනතුරුව සමාජයට මුදාහැරීමෙන් පසු, නැවත වතාවක් මත්ද්‍රව්‍ය උගුරක් පාවිච්චි කිරීමට යම්කිසි පුද්ලයෙකු ඇරයුම් කලහැකි බවත් එවැනි අවස්ථාවක, මට බෑ මගේ ජීවිතය ආයෙත් සැරයක් ආපස්සට ගෙනියන්න, මට සමාජයෙන් කුඩු කාරයා කියලා ලේබලයක් ඇලෙව්වා,මගේ ගෙදර කිසිම වැරුද්දක් නොකරපු මගේ දරුවන්ට කුඩුකාරයගෙ ළමයි කියලා ලේබලයක් ඇලෙව්වා, මගේ බිරිඳට කුඩුකාරයගෙ ගෑනි කියලා මිනිස්සු අපහාස කලා , මගේ ශරීරය ලෙඩෙක් බවට පත්වුණා,නෑදෑයන්ගෙන් දෙමාපියන්ගෙන් කොන්වෙලා මුළු සමාජයටම එපා කරපු මිනිහෙක් වුණා. ඒ නිසා මම කැමති නෑ ආයෙත් එතනට යන්න මට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා පිළිතුරු දීමට හැකිනම් එය ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලධරයන්ගේ බලාපොරොත්තුව බවත් ඔබ පුද්ගලයෙකු ලෙස නිවැරදි තීරණයක සිටින කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොලීසිය ඔබව තනි නොකරන බව” ද පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT