Local

වාහන හිමිකරුවන්ට අලුත් ආරංචියක්

Tuesday, 06 August 2024 - 12:38 am

මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවය.

'අප දන්නවා අද මේ වායූ විමෝචන සහතික අරගෙන ඒ වාහනහිමියන්ට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න මෝටර් වාහන බලපත්‍රය ගන්න. රක්ෂණ ආයතනයට යන්න වෙනවා රක්ෂණ සහතිකය ගන්න. එතකොට මේ වාහනහිමිකරුවෙක් මේ ස්ථාන තුනටම ගිහිල්ලා තමයි සහතික තුන ගන්න ඕනේ. දැන් අපි අවශ්‍ය වැඩපිළිවෙළක් යොදලා තියෙනවා මේ වාහන වායු විමෝචනය සඳහා ඒ ස්ථානයට ගියාට පස්සේ ඒ සහතිකය අරගෙන ඒ අවස්ථාවේදීම රක්ෂණය සහ වාහන බලපත්‍රයත් එකම ස්ථානයකින් ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක්. ඒ සම්බන්ධයෙන් තව මාස දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ සඳහා යම් ගාණක් ගෙවීමට සිද්ධ වෙනවා. එම නිසා මේක අනිවාර්ය එකක් නැහැ. ඒ අයට පුළුවන් කමක් තියෙනවා කැමති පරිදි ඒ සේවා ලබාගන්න.'


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT