Local

ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් වංචාව කෙහෙ­ළි­යගේ ඇප අය­දු­ම්පත ගැන 22 දා කරුණු දක්වන්න නියෝග

Saturday, 16 March 2024 - 8:19 am

ප්‍රමි­ති­යෙන් තොර ප්‍රති­දේහ එන්නත් මෙර­ටට ආන­ය­නය කර රජයේ රෝහ­ල්ව­ලට බෙදා හැරී­මෙන් රුපි­යල් කෝටි ගණ­නක වංචා­වක් සිදු කිරීම හා රෝගී ජීවිත අනා­ර­ක්ෂිත තත්ත්ව­යට පත් කිරීමේ සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ලගේ ඇප අය­දු­ම්පත සම්බ­න්ධ­යෙන් ලබන 22 දා කරුණු දක්වන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය නියම කළේය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇප මත මුදා­හ­රින ලෙස ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න කළ ඉල්ලී­මක් සලකා බල­මින් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක මෙම නියෝ­ගය දුන්නේය.

ඉන්දි­යානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන ඉදි­රි­ප­ත්කර ප්‍රමි­ති­යෙන් තොර ඉමි­යු­නෝ­ග්ලො­බි­යු­ලින් නමැති ප්‍රති­දේහ එන්නත් ආන­ය­නය කළ බවට හා ඒවා රජයේ රෝහ­ල්ව­ලට බෙදා­හැ­රී­මෙන් රෝගී ජීවිත අන­තුරේ හෙළීම, රජ­යට වංචා කිරීම යන චෝද­නාව යටතේ හිටපු ඇමැති කෙහෙ­ළිය ඇතුළු 7දෙනකු රහස් පොලි­සිය විසින් විම­ර්ශන සඳහා සැක­පිට අත්අ­ඩං­ගු­වට ගන්නා ලදී.

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින එම සැක­ක­රු­වන්ට ඕනෑම කොන්දේ­සි­යක් යටතේ ඇප දෙන ලෙස කරන ලද ඉල්ලී­මක් විභාග කළ මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම (14) නඩු විභා­ගය නිම­ව­න­තෙක් විත්ති­ක­රු­වන් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කළාය.

ඇප නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය සඳ­හන් කළේ පොදු දේපළ පනතේ සැක­ක­රු­වකු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර රක්ෂිත බන්ධ­නා­ගාර ගත කළ විට­ඇ­ප­මත මුදා හැරීම සඳහා සුවි­ශේෂි කරුණු ඉදි­රි­පත් කිරීම අත්‍ය­වශ්‍ය බවය.

කෙහෙ­ළිය රඹු­ක්වැල්ලට විරු­ද්ධව මෙම නඩු­වට අම­ත­රව 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැති සමයේ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­කම් සඳහා ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථා­වට අයත් රු. 9,90,000ක මුද­ලක් වැය කර ජීඅයි පයිප්ප බට මිල දී ගැනී­මෙන් රජ­යට පාඩු සිදු­කි­රීමේ වර­දට සහ ජන­මාධ්‍ය ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින් සිටි­යදී සිය පෞද්ග­ලික ජංගම දුර­ක­තන බිල රාජ්‍ය මුද්‍රණ නීති­ගත සංස්ථාවේ මුද­ල්ව­ලින් ගෙවී­මෙන් රජ­යට පාඩු­වක් සිදු කිරීමේ චෝද­නාව යතේ තවත් නඩු දෙකක්ද කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වේ. ඒවාට ඔහුට ඇප හිමිව ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT