Local

කැලණි ගඟේ කිලෝමීටර් 3ක් ගසාගෙන ගිය කත කඹයක ආධාරයෙන් බේරා ගනී

Friday, 31 May 2024 - 7:15 am

පෙරේදා (29) රාත්‍රී නවයට පමණ කඩුවෙල තොටුපොළ ආසන්නයේ සිටි පිරිසකට ඉතිපිසෝ ගාථාව කියන කාන්තාවකගේ හඬක් ඇසී තිබේ. ඒ සමඟම දිය මතුපිට පාවෙමින් තමාව බේරාගන්නා ලෙස ඉල්ලමින් කාන්තාවක් ගඟ පහළට ගසාගෙන ගොස් ඇත.

කඩුවෙල පාලම මතට දිවගිය ප්‍රදේශවාසීන් මෙම කාන්තාව දිය මතුපිට ගසාගෙන යන අයුරු දැක තිබේ. කඩුවෙල පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මෙම කාන්තාව බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර, වැලිවිට බෝගහවත්ත පාර ප්‍රදේශයේ පිහිටි පාලම මතින් කඹයක එල්ලී ගඟට බැසි සමන් අසිත පිගේරා නමැත්තා කඩුවෙල පොලිසියේ නිලධාරින් සමඟ එක්ව මෙම කාන්තාව නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව ඇත.

වයස අවුරුදු 14 හා 21 අතර පසුවන පුතුන් දෙදෙනෙකුගේ මවක් වන එම කාන්තාවගේ 14 හැවිරිදි පුතු උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වන අතර ඒ හේතුවෙන් එම මව මානසිකව පීඩා විඳ සිය ජීවිතය අහිමි කර ගැනීමේ චේතනාවෙන් නි‍වෙසින් පිටවී පැමිණ නවගමුව ප්‍රදේශයේ පාලමකින් කැලණි ගඟට පැන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

පසුව ඇය මුල්ලේරියාව රෝහල වෙත යොමු කළ අතර, ඇය වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ජයනා කුමාරි සුබසිංහ නමැති විවාහක කාන්තාවකි. ඇය දැනට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් පසුවේ. ඇය කැලණි ගඟේ වතුර මත පාවෙමින් මෙසේ කිලෝමීටර් තුනක් පමණ පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

දෙදරු මව මව බේරා ගැනීමට දිවි පරදුවට තබා කඹයක් ආධාරයෙන් කැලණි ගඟට බැස්ස සමන් අසිත මහතා මෙසේ පැවසීය.

“මම වැඩ ඇරිලා ගෙදර ඉන්නකොට තමයි මේ ආරංචිය ආවේ. අජිත් අයියා කියලා අයිය කෙනෙක් ඉන්නවා. එයාට කොහෙන් හරි ආරංචි ඇවිල්ලා ගඟේ ගෑනු කෙනෙක් ගහගෙන යනවා කියලා.

ඊට පස්සේ මමයි තාත්තයි අයියයි තුන්දෙනාම ගඟ ගාවට ගියා. යනකොට කඩුවෙල පොලිසියේ මහත්තුරුත් ඇවිල්ලා හිටියා. එම මහත්වරුන්ගේ ආධාර ඇතිව මම කඹයක් අරන් ගඟට බැහැලා සැඩ පහරට පහළට ගහගෙන පැමිණෙමින් තිබූ ගෑනු කෙනාව ගත්තා. පස්සේ පොලිස් ජීප් රථයෙන්ම රෝහලට අරන් ගියා. කොහොමහරි ඒ ගෑනු කෙනාගේ ජීවිතේ බේරගත්තා. ජීවිතයක් බේරා ගැනීමට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි”

මේ පිළිබඳ අදහස් දැක්වූ 46 හැවිරිදි එම කාන්තාවගේ සැමියා වූ උපුල් ධර්මතිලක කුමාර මහතා මෙසේ පැවසීය.

“අපි දෙන්නට වයස අවුරුදු 14 ක හා 21ක පුතුන් දෙදෙනෙක් ඉන්නවා ලොකු පුතා රස්සාවක් කරනවා. පොඩි පුතා අසනීප තත්ත්වයකින් තමයි නි‍වසේ ඉන්නේ.

මම පෙරේදා (29) උදේ ඉඩම් කච්චේරියට ගියා අවශ්‍යතාවකට. ගෙදර හිටියේ මගේ නෝනයි දෙවැනි පුතයි විතරයි එනකොට දවල් 1.30ට පමණ ඇති. ගෙදරට ආ හැටියෙම පුතා කිව්වා අම්මා ගියා අම්මා ගියා කියලා. මම හැම තැනම හොයලා බැලුවා එයා පේන්න හිටියේ නෑ.

එයා මානසික රෝගයකට බෙහෙත් ගන්නවා. එයාට යන්තරයක් දාලා ඒකත් ගෙදර ගලවලා දාලා ගිහිල්ලා තිබුණේ. පස්සේ මම මේ බව ලොකු පුතාටත් දුරකතනයෙන් දැනුම් දුන්නා එයත් ගෙදර ආවා. නෝනව හැම තැනම හෙව්වා. පන්සල්වල ගිහිල්ල බැලුවා කනත්තවලට ගිහිල්ල බැලුවා. මේ යාළුවෝ කිහිප දෙනෙකුත් අපිට උදව් කරා. රාත්‍රි හතට විතර අපි උඩුපිල පැත්තේ ඉඳලා කඩුවෙල පාලම පැත්තට ආවා එන විට මිනිස්සු වගයක් කෑගහනවා කවුද ගඟේ ගහගෙන එනවා කියලා. මගේ යාළුවා බයිසිකලින් බැහැලා ගිහිල්ලා ගඟ දිහා බලලා මා ගාවට ඇවිල්ලා කිව්වා අපි යමු කඩුවෙල පොලිසියට කියලා.

මම හිතුවා මගේ නෝනා තමයි ගඟේ ගිහිල්ලා තියෙන්නේ කියලා. මොනවා වුණාද කියලා හිතාගන්න බැරි වුණා. දරුවෝ දෙන්නම මතක් වුණා. එයාලට දැන් අම්මා කෙනෙක් නෑ නේද කියලා.

පැය භාගයක් විතර යනකොට මට කඩුවෙල පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා කතා කරලා කිව්වා. ඔයාගේ නෝනා ජීවත් වෙලා ඉන්නවා බයවෙන්න එපා. අපි බේරගත්තා කියලා මුල්ලේරියාව ඉස්පිරිතාලෙට යන්න කියලා. මට හිතුණා හීනයක් ද කියලා. මම ආයි පාරක් ඕ.අයි.සී. මහත්තයට කෝල් කරා ඇත්තද සර් කිව්වේ කියලා. ඔව් ඔයා යන්න ඉස්පිරිතාලෙට ඔයාගේ නෝනා හොඳින් ඉන්නවා කියලා කිව්වා.

කඩුවෙල ඕ.අයි.සී. මහත්තයයි බෝගහවත්ත ප්‍රදේශයේ සමන් අසිත කියන මහත්තයකුයි පොලිසියේ මහත්වරුයි ගම්වාසීන් කීප දෙනෙකුයි එකතුවෙලා ගඟේ ගහගෙන ගිය මගේ නෝනව බේරගෙන කියලා. සියලුම දෙනාට මේ වෙසක් සතියේ පින් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT