Local

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston ඇතුළු දූත පිරිසක් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක.

Friday, 28 June 2024 - 11:54 am

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston සහ ඕස්ට්‍රේලියානු රජයේ සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී Lieutenant Colonel Mike Webbe ඇතුළු දූත පිරිසක් ඊයේ  (27)  ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයට පැමිණියහ.

මෙම පිරිස ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂක කර්නල් නලින් හේරත් විසින් එම දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර දිවිපාර්ශවීය සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

සාකච්ඡාව අතරතුර ශ්‍රී ලංකා නියෝජිතයන් 1952 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා දායකත්වය පැහැදිලි කරන ලදි.

ඉන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් වලදී දෙරට අතර, අන්තර්ක්‍රියා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වැනි මාතෘකා කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ 1325 යෝජනාව යටතේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව කාන්තා සාමය සහ ආරක්‍ෂාව සඳහා ප්‍රවේශය පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්හ.

තවද මෙම සාකච්ඡාවේදී ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ගික මට්ටමේ අවස්ථා සෙවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදි.

නීතිවිරෝධී සංක්‍රමණය වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික මුල පිරීම් සහ අනාගතයේදී ද පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයේ නියෝජිතයන් අවධාරණය කලහ. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරිය විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය අගය කළහ.

ඉදිරියේදීත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවද ආරක්‍ෂක උපදේශකවරිය ප්‍රකාශ කලාය.

සාකච්ඡාව අවසානයේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද ආරක්‍ෂක සමාලෝචන සඟරාවේ නව සංස්කරණය ද නියෝජිත පිරිස වෙත පිළිගැන්විණි.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ (පරිපාලන) නිල්මිණි උල්ලුවිෂේවා මහත්මිය ඇතුළු ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT