Local

මුදල් අච්චු ගැහුවා තමයි.. මහ බැංකුවත් පිලිගත්තා.. ඔ්නම විවාදයකට ලෑස්තියි..

Friday, 01 November 2024 - 6:27 pm

වත්මන් ආණ්ඩුව මුදල් මුද්‍රණය නොකළ බව ප්‍රකාශ කළද බැංකුවල ද්‍රවශීලතාවය රැක ගැනීමට රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළ බවත්, බිලියන 600 ක් ණය ලබාගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

‘මේ ආණ්ඩුව ඊයේ පෙරේදා කියනවා මුදල් අච්චු ගැහුවේ නැහැ කියලා. ඉතාමත් පැහැදිලිව කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව මුදල් අච්චු ගැහුවා කියලා. බිලියන 100ක් අච්චු ගැහුවා. ඒ එක්කම පසුගිය කාලය තුළ බිලියන 600 ගානක් ණය ගත්තා.

කවුරු හරි කෙනෙක් කියනවනම් නෑ කියලා මම ඕනම විවාදයකට එන්න ලෑස්තියි. මේ අය බිලියන 100ක් මුදල් අච්චු ගහලා බැංකුවල ද්‍රවශීලතාවය රැක ගන්න කටයුතු කලා. ඒ කියන්නේ බැංකු වල මුදල් හිඟයක් තියෙනවා. ඒ හිඟය රැක ගැනීම සදහා මුදල් අච්චු ගැසු බව මහ බැංකු වාර්තාවේ නොකියා කියනවා.

ඒ කියන්නෙ බැංකු වල මුදල් හිඟයක් තියෙනවා ඒ හිඟය රැක ගැනීම සඳහා තමයි මේ අය මුදල් අච්චු ගැහුවේ. රජයක් විදිහට මේ අය නොකියා පිළිඅරගෙන තියෙනවා. සමහර බැංකු වල ද්‍රවශීලතාවය අඩු නිසා එය රැක ගන්න මුදල් අච්චු ගැහුවා කියන එක ඉතාමත් පැහැදිලියි.

අනුර කුමාර ජනාධිපතිවරයා මොනවා කිව්වත් හරිනි අගමැතිතුමිය මොනවා කිව්වත් මහ බැංකු වාර්තාවෙන්ම පිළිඅරන් තියෙනවා මුදල් අච්චු ගැහුවා කියන එක.

අනුර ජනාධිපති වරයාට කියන්න කැමතියි විපක්ෂයේ හිටියා වගේ බොරු කියන්න එපා. වගකීමෙන් කටයුතු කරන්න කියලා. දැන් ඉස්සර වගේ බොරු කියන්න බෑ. විවිධ මත ප්‍රකාශ කරන්න බෑ. හරි දෙය කියන්න ඕනේ.

ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා වේදිකාවේ ඉදන් තර්ජනය කරනවා මාධ්‍ය වලට. හෙඩ් ලයින්ස් වැරදිලු. ඒවා තමන්ට ඕන විදියට දාන්න ඕනේලු. එහෙම මාධ්‍ය වලට තර්ජනය කරන්න බැහැ. මොකක්ද හේතුව ? මුදල් අච්චු ගැහුවා කියලා හෙඩ් ලයින්ස් දාපු එක. මුදල් අච්චු ගැහුවා නම් ගැහුවා කියන්නේ නැතුව මාධ්‍ය වලට මොනවා ද කියන්නේ.

මාධ්‍ය බොරුවක් කිව්වා නම් තර්ජනය කලාට කමක් නෑ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී සැකැස්ම තුල තර්ජනය කිරීම් ඉතාම පහත් වැඩක් බව ජනාධිපතිවරයා ට මතක් කරන්න කැමැතියි.

මාධ්‍ය ආයතනය වාර්තා කලේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ බවට පිලිගත් වාර්තාව. අනුර කුමාර මහත්තයා විපක්ෂයේ ඉන්න කාලේ අපිට කරපු විවේචන අපි දරා ගත්තා. මට තරම් විවේචන කාටවත් කළේ නැහැ. සත්‍ය කරුණු ඉදිරිපත් කරනකොට අනුර කුමාර දිසානායක මහතාට රිදෙනවනම්, එයා අපිට එල්ල කළා වගේ අසත්‍ය කරුණු එයා ගැන ඉදිරිපත් කලොත් එයාට කොච්චර රිදේවිද ?

ආණ්ඩුවක් වගකීමක් එක්ක උත්තර දෙන්න ඕන. මුදල් අච්චු ගැහුවා. ණය ගත්තා. තව දුරටත් මිනිසුන්ව ණය කාරයන් කරන්න එපා කියලා මම අනුර, විජිත සහෝදරවරුන්ටත්, හරිනි සහෝදරියටත් කියන්න කැමතියි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා ව්‍යවස්ථාව හෝ මුදල් කළමණාකරණය ගැන ගැටලුවක් තිබුනොත් එතුමාගෙන් උපදෙස් ගන්න කියලා. මම දැක්කා හරිනි අගමැතිතුමිය ඒ ප්‍රකාශය ඊයේ වේදිකාවේ සමච්චලයට ලක් කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ දේශපාලන පලපුරුද්දක් තියෙන නායකයෙක්. විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳව, දේශපාලනය පිළිබඳව, ජාත්‍යන්තරය පිළිබඳව අත්දැකීම් තියෙන ඒ වගේම පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිලිබඳව, නීතිය පිළිබඳව අත්දැකීම් තිබෙන දේශපාලන නායකයෙක්.

මේ අගමැතිතුමියට රනිල් වික්‍රමසිංහ ලගටවත් එන්න බෑ. අනුර කුමාර දිසානායකට රනිල් වික්‍රමසිංහ ලගටවත් එන්න බෑ. අනුර කුමාර දිසානායක වේදිකාවක් වේදිකාවක් ගානේ මොනතරම් බොරු කිවිවද? වැට් එක අඩු කරනවා කිවිවා. ගුරුවරුන්ට මාස 06න් 06ට පඩි වැඩි කරනවා කියලා දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් වෙන් කරලා තිබුනෙ නැහැ කියලා.

අපි කියමු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් වෙන් කරලා නෑ කියලා. එහෙමනම් මම අහනවා අනුර කුමාර දිසානායක මහතා ගෙන් පහුගිය කාලේ ආර්ථිකය එච්චර වැටිලා තියෙද්දී තමුන්නාන්සේලාගෙ වෘත්තිය සමිති ගුරුවරු පාරට ගෙනල්ලා, පාසල් වහලා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා, දිගින් දිගටම ආණ්ඩුවට බල කලා ගුරුවරුන්ගේ පඩිය වැඩි කරන්න කියලා. දීමනා වැඩි කරන්න කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කමිටුවක් දාලා එම කමිටුව පිලි ගත්තා මේගෙල්ලන්ට සල්ලි ගෙවන්න ඕන කියලා. අපි සල්ලි වෙන් කලේ නැ කියනවනම් තමුන්ට පුළවන් දැන් ඒක ගෙවන්න.

අනුර කුමාරලා විපක්ෂයේ ඉදන් මොන කයිවාරු ගැහුවත් අද ආණ්ඩුව කරගන්න බෑ. අසමත් වෙලා තියෙනවා. බිත්තර මිල පාලනය කර ගන්න බැහැ. පොල් මිල පාලනය කර ගන්න බෑ. සහල් මෝල් හිමියන් ගෙන්නලා එදා කියනවා අවබෝධයෙන් වැඩ කරන්න කැමතියිලු. කොහොම හරි කමක් නැහැ ජනතාවට සහල් මිල අඩු කරලා දෙන්න. අද මිනිස්සු එක එක කඩ පස්සේ දුවනවා හාල් කිලෝ එකක් ගන්න බැරිව.

අනුර කුමාර දැන් කයිවාරු වැඩක් නැහැ. දැන් ජනාධිපතිවරයා විදියට ඉතාම සංයමයකින් වැඩ කරන්න කියලා අනුර කුමාර දිසානායකට කියන්න කැමතියි. මාධ්‍ය වලට තර්ජනය කරන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරෙන්න කියලා අපි ඉතා ආදරයෙන් කියන්න කැමති යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය


Top Stories
wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

wedivistara

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

wedivistara

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

wedivistara

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර

wedivistara

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදෙයි


NEWS ALERT