Local

ආසියානු ශාන්තිකර කලාපයේ සාර්ථකත්වය පිටුපස ඇති ගාමක බලවේගය එපෙක් සංවිධානයයි

Sunday, 17 November 2024 - 9:38 am

මෙවර එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුව පේරු රාජ්‍යයේදී පැවැත්වීමට සියල්ල සූදානම් බව වාර්තා වනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ද මෙවර එම සමුළුවට සහභාගි වීමට සූදානමින් සිටීම ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට ලක්ව ඇති බව සඳහන්.

“ශක්තිය නැංවීම, සහයෝගීතාව සහ වර්ධනය”යන ප්‍රධාන තේමාව යටතේ, ආසියානු ශාන්තිකර කලාපයේ ආර්ථික ඒකක 21ක දේශපාලන හා වාණිජ ක්ෂේත්‍රවල පුද්ගලයන් විවෘත, නිදහස් හා සහයෝගීත්වයෙන් යුතු වෙළඳාම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරෙනවා.

එසේම ආර්ථික අඛණ්ඩ සංවර්ධනය සහ ගෝලීය බලශක්ති පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම එම සමුළුවේදී සාකච්ඡා සඳහා අවධානයට යොමු වන යෝජනාවන් ය.

මෙම සමුළුව දිගු කාලීනව ආසියානු ශාන්තිකර කලාපය ගෝලීය සංවර්ධනය හා ස්ථාවරත්වය සඳහා වන එන්ජිමක් ලෙසයි සැලකෙන්නේ.

මේ වසරේ ආසියානු ශාන්තිකර කලාපයේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා ළඟා වනු ඇතැයි ද අපේක්ෂා කරන අතර එය 2.9%ක ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාවට වඩා බෙහෙවින් වැඩි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙනවා.

ආසියානු ශාන්තිකර කලාපයේ සංවර්ධනය ලෝකයේ අනෙකුත් කලාපවලට වඩා ඉදිරියෙන් සිටින්නේ, එම කලාපයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය නිසා පමණක් නොව, එපෙක් සංවිධානයේ දායකත්වයෙන් එය වෙන් කළ නොහැකි බැවිනි.

35 වසරකට පෙර එම සංවිධානය පිහිටවූ දා සිට විවෘතභාවය, සහයෝගීත්වය සහ පොදු සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් කලාපීය ආර්ථික ඒකීයකරණ මට්ටම අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ නිරත වීම කැපී පෙනෙන්නකි.

ආසියානු ශාන්තිකර කලාපයේ වැදගත් ආර්ථික ඒකකයක් වන චීනය එපෙක් සහයෝගිතාවන්ට මුල සිටම එක් ව සිටීම ඉතා වැදගත් සංධිස්ථානයක්.

එපෙක් නායකයන්ගේ නිල නොවන සමුළුවලදී චීන පාර්ශ්වයේ අදහස් හා යෝජනා කලාපීය සංවර්ධන ප්‍රවණතාවයට අනුකූල වන අතර එය පුළුල් පිළිගැනීම් සහ සහායන් ලබා ගෙන තිබෙනවා.

“ආසියානු ශාන්තිකර කලාපයේ නායකයින් වශයෙන්, අපි මෙම සියවසේ මැද භාගය වන විට ආසියානු ශාන්තිකර කලාපය සංවර්ධනය කරන්නේ කුමක් දැයි ගැඹුරින් සිතා බැලිය යුතුය. ආසියානු ශාන්තිකර සංවර්ධනයේ ඉදිරි ‘ස්වර්ණමය තිස් වසර’ නිර්මාණය කරන්නේ කෙසේද? මෙම ක්‍රියාවලියේදී එපෙක් සංවිධානය වඩාත් මනා ලෙස ප්‍රයෝජනයට ගන්නේ කෙසේ ද?” යනුවෙන් පසුගිය වසරේ පැවති එපෙක් නායකයින්ගේ නිල නොවන සමුළුවේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් දේශනයක් පවත්වමින් පැවසීය. එය විවිධ පාර්ශ්වයන්ගේ වැඩි අවධානයට ලක් ව ඇති බව සඳහන්.

විවෘතභාවය හා සහයෝගිතාව අනුගමනය කිරීම යනු ආසියානු ශාන්තිකර කලාපයේ සාර්ථකත්වයේ රහස වන අතර එය ආසියානු ශාන්තිකර කලාපයේ අනාගත සංවර්ධනය සඳහා මූලික මාර්ගෝපදේශය බවට පත්විය යුතු බව චීනයේ අදහස වී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT