Local

තමන්ට අදාළ නැති දීමනා ඉල්ලන සෞඛ්‍ය වර්ජනය නරක පූර්වාදර්ශයක්

Tuesday, 16 January 2024 - 10:40 am

තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විශේෂ ප්‍රකාශක් කරමින් ඊයේ (15) පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක් වූ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටිමේ හා ප්‍රවාහන දීමනාව (DAT) වැඩි කිරීමෙන් පසු එය තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා කරන මෙම වැඩ වර්ජන විහිළුසහගත සහ ව්‍යවස්ථා විරෝධී බවත් හෙතෙම කීවේය.

රටේ ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය ප්‍රකාරව සාමානයන්ට සමාන ලෙස සැලකිය යුතු බව දක්වා ඇතත් අසමානයන්ට සමාන ලෙස සැලකීමේ ප්‍රතිපාදන නැති බවත් ඔහු පැවසුවේය.

වෙනත් වෘත්තීය කණ්ඩායමක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අදහස් ප්‍රකාශ නොකරන නමුත් මේ තත්ත්වය විශේෂිත බව කී ඒ මහතා, රටේ සෑම ක්ෂේත්‍රයකම නිශ්චිත බෙදීමක් දක්වා වැටුප් තල සහ දීමනා ලබාදීමේ ප්‍රතිපත්තිමය වෙනස ඇති කර තිබෙන්නේ පුද්ගල වගකීම, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරි ස්වරූපය ඇතුළු සමස්තය නිශ්චිත විද්‍යාත්මක අධ්‍යයනකින් අනතුරුව බවත් කීවේය.

සරසවි මහාචාර්යවරයකුගේ දීමනා කාර්යාල කාර්ය සහායකයකුට නොලැබෙන්නත් විනිසුරුවරයකුගේ දීමනාව ලිපිකරුවකුට නොලැබෙන්නත් මේජර්වරයකුගේ වැටුප කෝප්‍රල්වරයකුට නොලැබෙන්නත් හේතුව එය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන වෛද්‍යවරුන්ගේ වෘත්තියට විශේෂ දීමනාවක් එම ක්ෂේත්‍රයේ ප්‍රාථමික හෝ ද්විතීයික නිලධාරින් ඉල්ලන්නේ කුමන පදනමින් දැයි අලුත්ගේ මහතා විමසා සිටියේය.

ද්විතීයික ශ්‍රේණියට පහළ සේවකයන් වෛද්‍යවරුන්ට සමාන වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඒ මහතා, මේ සේවකයන් මෙහෙයවන වෘත්තීය සමිතිවල දේශපාලන අරමුණු පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ රට දැවැන්ත අගාධයකට ගෙන යන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT