Local

වසරකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක්ම වැට්වලට අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුයි

Saturday, 20 January 2024 - 10:01 am

වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයන් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑම අයකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බව හෙතෙම කීවේය.

එසේ නොකරන අය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළහොත් එම අයට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිදු බාධාවක් නැති බව පැවසීය.

යටියන්තොට ප්‍රදේශයේ පෙරේදා (18) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

දැනට වැට් බදු ගෙවන සීමාව වාර්ෂිකව මිලියන 80ක පිරිවැටුම වුවද එය නුදුරේදීම වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 දක්වා පහළට ගෙන ඒමට නීති සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බව ඒ මහතා කියා සිටියේය.

එසේම 2002 අංක 14 දරණ වැට් බදු පනත අනුව වැට් සඳහා ලියාපදිංචි වූ සෑම අයෙකුම වැට් බදු අයකරන්නේ නම් තම සේවා දායකයාට , පාරිභෝගිකයාට හෝ ඕනෑම අයෙකුට බලාගැනීම සඳහා තම ආයතනයේ වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT