Local

දෙවුන්දර සහ කළුතරදී ධීවර යාත්‍රා දෙකක් අනතුරට

Saturday, 28 June 2025 - 10:32 am

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවකි.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවටත් සැක පළ කරනු ලබයි.

කෙසේ නමුත් අනතුරින් එක් ධීවරයෙකු මුදවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර වෙනත් ධීවර යාත්‍රා කිහිපයක්ද මේ වන විටත් අතුරුදන් වූ එම ධීවරයින් සිව්දෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද සඳහන් වේ.

ගොඩබිම සිට සැතපුම් 20කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබේ.

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ සිටින ධීවරයින් මුදා ගැනීම සඳහා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන්නැයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT