Local

හොර වාහන සියයක් ප‍්‍රභූන් සගවාගෙන.. අල්ලන්න විශේෂ මෙහෙයුමක්..

Saturday, 02 November 2024 - 10:08 pm

පසුගිය රජයේ ඇතැම් දේශපාලනඥයන් සහ රජයට සම්බන්ධ ප්‍රභූ පිරිස් විසින් පරිහරණය කරන ලද ලියාපදිංචි නොකළ වාහන සොයා ගැනීම සඳහා පොලිසිය රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. ඒකාබද්ධ පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත. ඒ එවන් වාහන සම්බන්ධයෙන් පොලිසියට ලැබෙන තොරතුරු සම්බන්ධ කර ගනිමින්ය.

එම වාහන එකලස් කරන ලද ඒවාද නැතහොත් රේගු බදු නොගෙවා කොටස් ලෙස මෙරටට ගෙන්වන ලද ඒවාද යන්න සෙවීමට රස පරීක්ෂක වාර්තා සහ රේගු වාර්තා ඔස්සේ මෙම විමර්ශන දියත් කෙරෙනු ඇත.

මෙහිදී වාහන එකලස් කිරීමේ කර්මාන්තයට ඇති දේශපාලන සම්බන්ධකම් ගැනද සොයන බව වාර්තා වේ. ඒ අනුව පොලිසිය සැක කරන්නේ මෙවන් වාහන සියයකට වැඩි සංඛ්‍යාවක් තවමත් හිටපු ප්‍රභූ පිරිස් සන්තකයේ ඇති බවය. මේවා බාර දීමට එම පිරිස් කටයුතු නොකොට එම වාහන තැන් තැන්වල දමා යෑම සහ සැඟවීම පසුගිය සති කිහිපය පුරාම දක්නට තිබූ බවත් ඒ අනුව මෙම ඒකාබද්ධ විමර්ශනය ඇරැඹූ බවත් පොලිසිය කීය.

මේ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු ඉවත නොදමන බව කී පොලිස් මූලස්ථානය රජයේ වාහන හා දේපළ අවභාවිත කිරීම සහ සැඟවීම සම්බන්ධ තොරතුරු ඇත්නම් වහා පොලිස් මූලස්ථානය වෙත දැනුම් දෙන ලෙසද ඉල්ලීමක් කරයි.

මේ අතර හිටපු පුද්ගලයන් විසින් විවිධ අංක තහඩු භාවිත කරමින් භාවිත කරන ලද වාහන සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් පොලිස් මූලස්ථානයට ලැබී ඇති අතර එම තොරතුරුවල නිවැරැදි බව තහවුරු කරගෙන අධිකරණ ක්‍රියාමාර්ග හරහා එම වාහන සහ එම වාහන භාවිත කරන ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය.

දින කිහිපයකට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු භාවිත කරන ලදැයි කියන BMW වර්ගයේ මෝටර් රියක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී තිබුණේ මහජනයාගෙන් බවත් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගේ බෑනාවරයකුට අයත් රථ දෙකක් මහනුවරදී අත්අඩංගුවට ගැනීමත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පරිහරණය කරන ලද වාහනයක් ඔහුගේ බිරියගේ මිරිහානේ නිවෙසේ තිබී සොයා ගැනීම සහ කටුගස්තොට නිවාස සංකීර්ණයක ගරාජයක තිබී සොයා ගැනීමත් මහජන තොරතුරු මත කළ අත්අඩංගුවට ගැනීමක් බවද පොලිස් මූලස්ථානය පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT