ඇද හැලෙන අධික වර්ෂාව මැද කුඩා ඔයේ ජල මට්ටම ඉහළ යෑම මත කළුතර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බුලත්සිංහල, පාලින්දනුවර සහ මදුරාවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්රදේශවලට ඒ අනුව මෙම අවදානම මතුව ඇත.
කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කුඩා ගඟ හා මඟුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ගයන් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් තිබෙන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.