Local

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක්

Tuesday, 21 November 2023 - 5:34 pm

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් ඇති කිරීමට ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් ඇති කිරීමේ අදහස වූයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උපරිමයෙන් සුරක්ෂිත කරමින් ප්‍රශස්ථ මාධ්‍යකරණයක් තහවුරු කිරීම අරමුණු කරගනිමින් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

එම කෙටුම්පත් ඉදිරිපත් කළ අවසුථාවේ මෙය තවත් පුළුල් කතිකාවකට භාජනය කරමින් අදාල පාර්ශව සමග වැඩිදුරටත් අදහස් ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ කටයුතු ව්‍යවස්ථා සම්පාදක බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් රැස්කළ බව ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අනුකාරක සභාව අවශ්‍ය පනත් කෙටුම්පතේ සංශෝධන පෙන්වාදෙන සමහර කරුණු පිළිබඳව කටයුතු කිරීමට නම්න්‍යශීලී වුණු බවද ඒ අනූව විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ අනෙකුත් අදාල පාර්ශවයන්ගේ අදහස් උදහස් ලබාගෙන මුල් පනතේ වෙනස්කම් රාශියක් ඇතිකරමින් නව මූලික පනත් කෙටුම්පත සකස් කළ බවද පැවසුවේය.

නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව තමා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවද අමාත්‍ය මණ්ඩලය එම විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන කොමිෂන් සභා පනත පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබාදුන් බවද පැවසුවේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT