පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අනතුරුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.
අද (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.