Local

ලොකු ලූනු ගොවීන්න්ට හානියක් වන්නට ඉඩ නොතබන බව කෘෂි ඇමතිගෙන් සහතිකයක්

Thursday, 29 August 2024 - 10:10 am

මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බව ජනමාධ්‍ය තුළ ප්‍රකාශ වුවත් ලොකු ලූනු වගා කළ ගොවීන් වෙතින් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත ලැබී නොමැත.

එම කරුණ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් රජය මැදිහත් වී සතොස මඟින් එම ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් ලක්ෂ 03කි. මෙම යල කන්නයේ වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 1200ක් පමණ වේ. ඉන් අපේක්ෂිත අස්වනු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 24,000කි. එම අස්වනු ප්‍රමාණය තුළින් මෙරට සමස්ත අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේ නැත. පරිභෝජනය සඳහා ඉතිරි ලොකු ලූනු ප්‍රමාණය මුළුමනින්ම ආනයනය කිරීමට සිදු වී ඇත. විශේෂයෙන් සෑම වසරකම ලොකු ලූනු අස්වැන්න නෙලන අවස්ථාව වන විට වර්ෂාව නිසා එම වගාවන් විනාශ වී යන තත්ත්වයක් ද පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි.

මෙවර ද හෙක්ටයාර 4000ක වගා කිරීමට සැලසුම් කළත්, වර්ෂාව නිසා එම ප්‍රමාණය හෙක්ටයාර 1200කට සීමා කිරීමට සිදු වූ බව ලොකු ලූනු පිළිබඳ බෝග නායක ඩී.ආර්. කාංචන මහතා පැවසීය. ලොකු ලූනු ගොවීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇත් ද යන්න පිළිබඳව කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ දැනට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මඟින් ලොකු ලූනු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 225-250 අතර මිලකට මිල දී ගන්නා බවයි. ලොකු ලූනු රුපියල් 150 දක්වා අඩු වී ඇතැයි ගොවීන් පළ කර ඇති ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ද ලොකු ‍ලූනු පිළිබඳ බෝග නායක ඩී.ආර්. කාංචන මහතා පැවසීය.

එම නිසා මෙම ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්නට නිසි මිලක් නොලැබෙන්නේ නම් ඒ සඳහා රජය මැදිහත් වී කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT