Local

දිඹුලාගල සෙල් ලිපිය එළැඹෙන මැයි සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව සලසන්න දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල රාහුලාලංකාර නාහිමි

Tuesday, 05 March 2024 - 8:21 am

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් සොයා ගත් මෙරට විශාලතම අති දුර්ලභ සෙල් ලිපියේ ඉතිරි සියයට හැට පිටපත් කිරීමෙන් පසු ඒ තුළ ගැබ්වී ඇති අර්ථය රටට හෙළිදරව් කරන ලෙසත්, පසුව එම සෙල් ලිපිය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාව එළැඹෙන මැයි මාසයට සිදු කරන ලෙසත් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (04) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස ද කීහ.

“එම සෙල් ලිපිය පිළිබඳ රටට, ලෝකයට හෙළිදරව් කිරීමත් සමඟ මේ දිනවල දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් එම සෙල් ලිපිය දැක බලාගැනීමට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණෙනවා. නමුත් එය නැරඹීමට කඳු මුදුනට යෑමට ගමන් පහසුකම් නැති නිසා සංචාරකයන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. එනිසා සෙල් ලිපිය නැරඹීමට කඩිනමින් ගමන් මාර්ගයක් ආරම්භ කර එය සවස් වරුවේත් නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ සෙල් ලිපිය ආරක්ෂාවට ආවරණ වැටක් සහ එම ස්ථානයට විදුලි ආලෝකය දීමේ ක්‍රමවේදයක් සකසා එය කඩිනමින් පිළිසකර කිරීමෙන් රටට විදේශීය විනිමය පවා ගැනීමේ අවස්ථාව සැලසෙනවා.”

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටපත් කිරීම, ඇලවීම සහ තාක්ෂණික කටයුතු හමාර කිරීමෙන් පසුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2013 දෙසැම්බර් මස 13 වැනිදා ලිපිය කියවා අර්ථ දැක්වීමට වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මියට නියෝග කර තිබිණි.

ඒ අනුව එතුමිය පසුගිය ජනවාරි මස 17 වැනිදා ආචාර්ය මාලනි ඩයස්, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සම සභාපතිත්වයෙන් යුතුව අභිලේඛන අංශයේ සේවයෙන් යුතු නිලධාරීන් සමන්විත කමිටුවක් කමිටුවක් පත් කළහ.

දිගින් අඩි 50කින් සහ පළලින් අඩි 09කින් යුත් මේ දුර්ලභ ගණයේ විශාලතම සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් යැයි සැලකෙන බව 2023 ඔක්තෝම්බර් මස 26 වැනිදා සිට මාසයක පමණ කාලයක් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් විසින් අනාවරණය කර ගන්නා ලදි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශය පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ඩී.ටී. ඒ. දයානන්ද මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ පර්යේෂණය සිදු කරමින් සඳහන් කළේ එම සෙල් ලිපිය මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමටත් පෙර වසර සීයකට එහා පැරණි සෙල් ලිපියක් බවත්, එය පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් පේළි දහයක් පමණ ලියා අවසන් කරන ලද අති දුර්ලභ ගණයේ සෙල් ලිපියක් බවත්, මේ සෙල් ලිපියෙන් මෙරට සහ දිඹුලාගල ඉතිහාසය වෙනස් වන බවට සාධක මතු වෙමින් පවතින බවත්ය.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT