Local

පුත්තලම ජනතාව පක්ෂය ඉල්ලුවොත් සැමියාගෙන් හිස් වූ තැන පිරවීමට හිතා බලනවා – සනත් නිශාන්තගේ බිරිය කියයි

Wednesday, 31 January 2024 - 3:02 pm

පුත්තලමේ ජනතාව සහ පක්ෂ නායකත්වය ඉල්ලීමක් කරන්නේ නම් තම සැමියා වූ සනත් නිශාන්තගෙන් හිස් වූ තැන පිරවීම සම්බන්ධයෙන් සිතා බලන බව චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පැවසුවාය.

තම සැමියා වන සනත් නිශාන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනඥයකු බවත් සැමියාගේ දේශපාලන කටයුතුවලට පෞද්ගලික ලේකම්වරිය ලෙස විශාල සහයෝගයක් ලබා දීමට තමන්ට හැකි වූ බවත් ඇය කීවාය. අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ මියගිය ඒ මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් ජේ.ඒ.ඒ. ජයකොඩි මහතාගේ පවුලේ උදවිය හමුවී සුවදුක් විමසීමට පෙරේදා (29) රාත්‍රියේ සිය දරුවන් ද සමඟ හෑදෙණිය මරවනාගොඩ පිහිටි ඔහුගේ නිවෙසට පැමිණි අවස්ථාවේ පෙරේරා මහත්මිය මේ බව පැවසුවාය.

එහිදී මාධ්‍යවේදීන් සමඟ පිළිසඳරක නිරත වූ නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය මෙසේ ද පැවසුවාය.

‘මගේ මහත්තයා පුත්තලම දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. එතුමාගෙන් පිළිසරණක් පතා ආ අයෙක් කවදාකවත් හිස් අතින් යැව්වේ නැහැ. මේ විපත මටත් දරුවන්ටත් අදහගන්න බැහැ. හරියට හීනයක් දැක්කා වගේ. මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් කලින් ඇතැම් මාධ්‍ය මම දේශපාලනයට එනවා කියලා පළ කරලා තියෙනවා. ඒ කිසිම කෙනෙක් ඒ ප්‍රවෘත්ති පළ කළේ මගෙන් අහලා නෙවෙයි. දේශපාලනයට එනවා කියලා මම කිසිම මාධ්‍යයකට කියලා නැහැ. මම මහත්තයාගේ පෞද්ගලික ලේකම් විදිහට එයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඩක් පමණ මෙහෙයවූවා. කිසි දවසක දේශපාලනයට එන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන පුරවමින් ඒ ජනතා මෙහෙවර ඉදිරියට අරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාවත් රටේ ජනතාවත් වගේම පක්ෂ නායකත්වයත් ඉල්ලීමක් කරනවා නම්, මට ඒ ගැන හිතලා බලන්න වෙනවා. මගේ දරුවන් සිව්දෙනාගේ අනාගතය සම්බන්ධයෙන් මට විශාල වගකීමක් පැවරී තිබෙනවා. මට හොඳ රැකියාවක් තියෙනවා. හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මම තනි වෙලා නෑ කියන හැඟීමෙන් ඉදිරි කටයුතුවලට මුහුණ දෙනවා. මම දේශපාලනයට ආවත් මගේ මහත්මයා කළ දේශපාලනය කවදාවත් මට කරන්න වෙන්නේ නැහැ. ඇතැම් අය විවේචනය කළත් එයා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දේශපාලනඥයෙක්. එයා දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු කෙනෙක්. මගේ මහත්තයා වටේ විශාල පිරිසක් හිටියා. ඒක තමයි එයාගේ ශක්තිය.

පුත්තලම් දිස්ත්‍රික්කයේ අතිවිශාල පිරිසක් සඳහා මගේ මහත්තයා ඉඩම් වගේම ගෙවල් හදලා දුන්නා. ඉන්න තැනක් නැති අයට ගෙවල් දහ පහළොස්දාහක් හදල දුන්නු මගේ මහත්තයාගේ දේහය තියන්න තැනක් අපිට නැති වුණා. අන්තිමේදි තාවකාලිකව ඉදි කරපු තැනක තමයි අවසන් කටයුතු පවා කරන්න වුණේ.

මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙනවා. කාන්තාවන්ගේ දුක මම දන්නවා. අද මේ සිද්ධියෙන් මම වගේම පොලිස් සැරයන් අනුරාධගේ බිරිය ලක්ෂිකා මහත්මියත් දැඩි වේදනාවකට, කම්පනයකට පත්වෙලා ඉන්නවා. මම එතුමියගෙ වගේම සැරයන් ජයකොඩි මහතාගේ පුතා සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් දෙනවා. එයාලට තනි වෙන්න දෙන්නේ නැහැ.’

මෙම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මව හා සොහොයුරා ද එක්ව සිටියහ.


Top Stories
wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT