ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට තීරණය කර තිබේ.
ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන හරහා ජනතාව අන්‍යාගම්කරණයට ලක් කිරීම වළක්වාලීම සඳහා එම මධ්‍යස්ථාන වැටලීමට කටයුතු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ය.
ආගමික සිද්ධස්ථාන හා භික්ෂූන් වහන්සේ සම්බන්ධ ගැටලු, ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මහා සංඝරත්නය හා ඇමැති විදුර වික්‍රමනායක අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ගුවන් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතෙහි භික්ෂූන් වහන්සේ හා සිල් මෑණියන් වහන්සේගේ නාමයන් ඇතුළත් කිරීමේදී භික්ෂූන් වහන්සේ සඳහා Venerable ලෙසත් සිල් මෑණියන් වහන්සේ සඳහා Reverend ලෙසත් යෙදීමට එහිදී තීරණය කෙරිණි.