Sports

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Wednesday, 18 September 2024 - 11:34 am

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය තව ස්වල්ප මොහොතකින් ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. 

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවට පහරදීමටය.

මෙම තරගය  නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇති අතර ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21වැනිදා තරගයේ විවේක දිනයක් ලෙස නම්කර තිබේ.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන, තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම ඊයේ ගාල්ලේදී  පුහුණුවීම් ආරම්භ කළ අතර ඔවුන්ගේ දඟ පන්දු පුහුණුකරු ලෙස  කටයුතු කරන රංගන හේරත්ද  ඊට එක්ව සිටියේය.

නවසීලන්ත කණ්ඩායම මෙලෙස ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එක්වන්නේ වසර 5කට පසුවය.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර ඉන් තරග 18ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 9ක් පමණි.

ඒ අතරින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති තරග 4ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මේ අතර අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්,  කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය,ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්ය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT