Local

එජාප-සජබ සන්ධානයට තවත් බාධකයක්

Sunday, 29 September 2024 - 9:16 pm

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් නම් කරනු ලැබුවා.

මෙම කණ්ඩායම දැනට සජබ නියෝජිතයන් සමඟ එක් එක් ආකාරයෙන් සාකච්ඡා වට අටක් පමණ පවත්වා ඇති අතර ඉහත සාකච්ඡාවලදී සජබ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත් කිරීමට හේතු වී ඇති බව සඳහන්.

ඉන් එක් ප්‍රධාන කරුණක් වන්නේ සජබ ලකුණ වන දුරකථනයෙන් ඉදිරි මැතිවරණවලට තරඟ කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියයි.

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සජබ පාර්ශ්වයෙන් සිදු කෙරුණු ඉල්ලීම ද සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා බලවත් බාධකයක් වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්දවලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් හිටපු ජනාධිපතිවරයා නැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින්වත් එකඟ වීමට නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ.

වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ගොඩ ගනිමින් පරිණත දේශපාලන නායකත්වයක් පෙන්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ඉදිරි දේශපාලන කටයුතුවලදී අනිවාර්යයෙන්ම යොදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සජබ පාර්ශ්වයට සෘජුවම දැනුම් දී තිබෙනවා.

සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පිරිනැමිය යුතු බව වන අතර එම යෝජනාවටද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ බලවත් විරෝධය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මතුව ඇති වාතාවරණය හමුවේ සජබය සහ එජාපය ඒකාබද්ධ වී නව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීමට ගෙනයන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව එජාපයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසනවා.

නායකත්වය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මේ වන විට පැන නොනැගී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොර නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම කිසිදු ප්‍රයෝජනයක් නැති කටයුත්තක් යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT